රිදීකොටලීය ඇළ පිටාර ගැලීමෙන් ගම් උදා නිවාස ජලයෙන් යටවේ

රිදීකොටලීය ඇළ පිටාර ගැලීමෙන් ගම් උදා නිවාස ජලයෙන් යටවේ

මහවැලි ගඟ පිටාර ගැලීම නිසා මහියංගණ පූජා නගරයේ රිදීකොටලීය ඇළ ගම්උදා නිවාස සීයක් ගංවතුරින් යටවී ඇතැයි මහියංගණ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසයි. ඉන් නිවාස රැසක්ම අබලන් වී ඇත.

රන්දෙණිගල සහ රන්ටැඹේ මහවැලි ජලාශවල වාන් දොරටු සියල්ලම විවෘත කිරීම නිසා මහවැලි ගඟේ ජලය රිදීකොටලීය ඇළ දිගේ ගලා ඒම හේතුවෙන් උයන්වත්ත ගම්මානයේ කුඹුරු යායන් ද ගංවතුරින් යටවී ඇත. මේ අතර මහවැලි ගඟේ අධික ජල පහර දරාගත නොහැකි වූ කිඹුලන් දෙදෙනෙක් ද රිදීකොටලීය ඇළට පැමිණ සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා