හොරණ මූලික රෝහලට එන රෝගීන්ට සත්කාරක සේවා

හොරණ මූලික රෝහලට එන රෝගීන්ට සත්කාරක සේවා

හොරණ මූලික රෝහලේ රෝගීන්ට දිනපතා ප්‍රජා සත්කාරයන්හි නියුක්තවන කණ්ඩායමක් සිටිති. සෞඛ්‍ය හා රෝහල් සේවා සංවිධානය නමින් යුත් මේ කණ්ඩායමේ නියමුවා සාම විනිසුරු කේ. ඩී. පී. ගුණතිලක නැමැති අයෙකි. උදේ 6.00 සිට 6.30 දක්වා කාලය තුළ දී වෛද්‍ය සායනවලට එන රෝගීන්ට තේ පැන් සංග්‍රහයක් ලබා දීම අග හිඟකම්වලින් පෙළෙන රෝගීන්ට නියම කරන රෝහලේ නැති බෙහෙත් ලබා දීමට ක්‍රියා කිරීම මේ සංවිධානයෙන් ලබා දෙන සේවාවන් ය.

මාසයකට දින දෙකක් රෝගීන් සඳහා පිරිත් දේශනා පවත්වා ආර්ථික අපහසුතාවලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම රෝගීන් දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දීම කාන්සිය මඟ හැරවීමට දහම් පත්‍රිකා ලබා දීම මේ සංවිධානයන් සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා