මදන මෝදක අලෙවි කළ කතට දඩ

මදන මෝදක අලෙවි කළ කතට දඩ

පාසල් සිසුන්ට මදන මෝදක ගුලි අලෙවි කරන පනස් තුන් හැවිරිදි කාන්තාවන් එම ගුලි පනහක් සමඟ අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය සමත් විය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා තරයේ අවවාද කර රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවීමට නියෝග කෙළේ ය. මෙලෙස දඩ මුදල් ගෙවීමට නියම වූයේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා