මාතර ප්‍රදේශ කීපයකටම ගංවතුරෙන් තර්ජන

මාතර ප්‍රදේශ කීපයකටම ගංවතුරෙන් තර්ජන

පසුගිය දිනවල කඩින් කඩ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම ජනතාව දැඩි අපහසුතාවට මුහුණ දී සිටී. තිහගොඩ, කඹුරුපිටිය, පලොල්පිටිය, කද්දූව, අකුරැස්ස, මාලිම්බඩ ආදී ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් වී ගොවිතැනට ද හානි සිදුවී ඇත. ප්‍රදේශවාසීහු එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමේ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ විල්පිට සපත්තු පාලම ප්‍රදේශය සහ මාකඳුර ප්‍රදේශයේ නගරය ආශි‍්‍රත මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා සිදුවී තිබේ. පලොල්පිටිය ප්‍රදේශයේ ළදරු පාසලක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගොඩනැගිල්ලට බරපතළ හානි සිදුවීම නිසා එය නැවත පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවකට පත්වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා