කුලියට දුන් වාහන හතකට ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ තිදෙනා දැලේ

කුලියට දුන් වාහන හතකට ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ තිදෙනා දැලේ

වාහන කුලියට දෙන ස්ථානවලින් කුලියට ගත් සුඛෝපභෝගී වාහන ව්‍යාජ ලේඛන හදා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන එම කල්ලියේ සාමාජිකයන් තිදෙනෙකු සමඟ විකුණා තිබූ වාහන හතක් සොයා ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය කියයි. කුලියට වාහන දෙන අඡ්ව්ඊ ඒ ඛ්ඒඅ තැන් වලින් ගත් වාහන එසේ විකුණා ඇති බවට ලැබුණ තොරතුරක් මත මෙම ජාවාරමේ සියලු තතු අනාවරණය කරගෙන ඇත.

ජාඇල - මීගමුව - දෑලතුර – දංකොටුව යන ප්‍රදේශවලින් මේ වන විට මෙම කල්ලිය මෝටර් රථ 15 ක් පමණ කුලියට ගෙන ඒ සඳහා ලබාදෙන සැබෑ ලියකියවිලි අනුව එම හිමිකරුවන් ලෙසින් වෙනත් අයෙකුගේ ඡායාරූප යොදා සකස් කළ ව්‍යාජ ජාතික හැඳුණුම්පත් සමඟ යම් යම් අයව රවටා අඩු මුදලට එම වාහන අලෙවිකර ඇති අතර මේ වන විට රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමක් ඇති වාහන මෙසේ වංචා සහගතව විකුණා ඇති බව ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මේ ජාවාරමට කාන්තාවන් කිහිප දෙනෙකුගේ ද සහාය ලබා ගෙන ඇති අතර වාහනවල සැබෑ හිමිකරුගේ විස්තර වලට සමානව වෙනත් අයෙකුගේ ඡායාරූපයක් යොදා සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ද ඉදිරිපත් කරමින් වාහන විකිණීම කළ නිසා මෙම ජාවාරම අනාවරණය නොවූ නිසා ඔවුනගෙන් වාහන මිලට ගත් අය ඔවුනගේ ගැටයට හසුවී ඇති බවත් පොලිසිය කියයි.

මේ ආකාරයේ කොල්ලයක් මෙයට කලින් අනාවරණය වී නැති අතර ෆිනෑන්ස් කළ මොටර් රථයක් සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත සියලුම තොරතුරු අනාවරණය කර ගත් අතර මෙම කලිලියේ මහ මොලකරු මේ වනවිට මගහැර සැඟවී සිටින අතර ඔහුව ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් වාහන හා සැකකරුවන් ඊයේ (27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර මීගමුව පොලිසිය තවදුරටත් පරීක්‍ෂණ සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා