මහ වැස්සෙන් බේරුවල නිවාස රැසකට හානි

මහ වැස්සෙන් බේරුවල නිවාස රැසකට හානි

මේ දිනවල ඇදහැළෙන මහ වැසි හේතුවෙන් හා තද සුළං හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මැතිවරණ කොට්ඨාසයේ නිවාස ගණනාවකට ගස් කඩා වැටී අලාභ සිදුවී තිබේ. වර්ෂාව හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීමෙන් බේරුවල පවුල් රැසක් ජලයෙන් යටවේ. මෙහිදී ඊයේ උදෑසනම නිවාසවලට හා මාර්ගවලට වැටී තිබූ ගස් කපා ඉවත් කිරීම බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ඇතුළු එම සේවකයන් ප්‍රදේශවාසීහු සිදුකළහ.

මේ අතර පහත්බිම්වල ජලය බැස යෑමට අවශ්‍ය සෑම පියවරක්ම බේරුවල ප්‍රාදේශීය සභාව මගින් ගෙන තිබේ. පහත්බිම් රැසක් ජලයෙන් යටවීමෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1123 ක් අවතැන් වී තිබේ. පූර්ණ හානි නිවාස 01 හා අර්ධ හානි සිදුවූ නිවාස 14 ක් හා ග්‍රාම නිලධාරි වසම් 12 ක පිරිස් අවතැන්ව සිටිනවා. බේරුවල ප්‍රාදේශීය ලේකම් ධම්මික රාජපක්‍ෂ මහතා කියා සිටියේ අවතැන් වූ අය සඳහා පිසින ලද ආහාර කඩිනමින් ලබාදීම ආරම්භ කර ඇති බවත්, ජලය බැස ගිය වහාම ඒ පිරිස් නිවාසවල පදිංචි කර ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ලබාදීමට පියවර ගැනේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා