හොරණ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙලා

හොරණ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙලා

අධික වර්ෂාව හේතුවෙන් හොරණ ප්‍රදේශයේ පහත් බිම් රැසක්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීහු මහත් දුෂ්කරතාවට පත්වූහ. හොරණ නගර මධ්‍යයේ ස්ථාන රැසක් මෙන්ම හොරණ – උඩවත්ත පාර, ධම්මරතන මාවත, බැල්ලපිටිය, හොරණ මූලික රෝහල අසල ආදී ස්ථාන රැසක්ම ජලයෙන් යටවී තිබුණි.

අනවසර ඉදිකිරීම් ගොඩකිරීම් හේතුවෙන් මේ තත්ත්වය උදාවූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ අනවසර ගොඩකිරීම් හා ඉදිකිරීම් වහාම ඉවත් නොකළොහොත් කොළඹ නගරයට උදාවී ඇති තත්ත්වය හොරණ නගරයට ද උදාවන බව ඔව්හු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා