සෞන්දර්ය උපාධිධාරීන්ට ගුරු පත්වීම් දුන්නාට තුති පුදයි

සෞන්දර්ය උපාධිධාරීන්ට ගුරු පත්වීම් දුන්නාට තුති පුදයි

රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරීන් සියලු දෙනා ජූලි මස 01 වැනිදා සිට ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව රජයට ස්තුති කරන බව ජාතික ගුරු සභාවේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටින්නේ, තමන්ට ගුරු පත්වීම් ලබාදෙන ලෙසට ඉල්ලමින් රැකියා විරහිත සෞන්දර්ය උපාධිධාරීන් විසින් වසර ගණනාවක් පුරා කරනු ලැබූ අරගලයට ජයග්‍රහණයක් ලබාදීමට අවශ්‍ය පියවර රජය විසින් ගෙන ඇති බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා