ඉන්දු - ශ්‍රී ලංකා ගුවන් සේවාවට අවබෝධතා ගිවිසුමක්

ඉන්දු - ශ්‍රී ලංකා ගුවන් සේවාවට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ද්වීපාර්ශ්වික ගුවන් සේවා අවබෝධතා ගිවිසුමකට අස්සන් තබයි. පසුගිය අප්‍රේල් මාසයේදී දෙරටේ සිවිල් ගුවන් සේවා නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ අවබෝධතා ගිවිසුමට එළඹි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් හා ඉන්දීය රජය නියෝජනය කරමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී නෂීම් ශයිදි මහත්වරුන් මේ සඳහා අස්සන් තබා තිබේ.

මේ ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 1948 දෙසැම්බර් මාසයේදී අස්සන් කළ මූලික ගුවන් සේවා ගිවිසුම සඳහා සංශෝධනයක් එක් කරන්නක් බව ද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. මේ අතර එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නව ගිවිසුමට අස්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවන ගුවන් ගමන් වාර ගණන තවදුරටත් ඉහළ යන බවයි. මේ වන විට දෙරට අතර සතියකට ගුවන් ගමන් වාර 98 ක් පමණ සිදුවන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දීය ගුවන් යානා ද එක් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා