ජලයට යටවීමෙන් කොළඹ 05 මාර්ගයේ ගමනා ගමනය අඩාලයි

ජලයට යටවීමෙන් කොළඹ 05 මාර්ගයේ ගමනා ගමනය අඩාලයි

මාඔය පිටාර ගැලීම නිසා මාර්ග අංක 5 මීගමුව - කොළඹ මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා වූ හේතුවෙන් එම මාර්ගය වසා දැමූ බව ගිරිඋල්ල පොලිසිය කියයි. මේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇපලදෙණිය හා මරඳගොල්ල ගම්මාන දෙකේ පවුල් 42ක්ද පීඩාවට පත්වී ඇත.

ඔවුන් පදිංචි නිවාසවලින් ඉවත්කර සුදුසු ස්ථානවල තාවකාලිකව රඳවා පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක ඩබ්. එම්. එස්. බී. වන්නිනායක මහතා සඳහන් කෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා