උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විශේෂ ණය යෝජනා ක්‍රමයක්

උතුරේ නැවත පදිංචි වූ ජනතාවට විශේෂ ණය යෝජනා ක්‍රමයක්

උතුරේ නැවත පදිංචි වූ ජනතාවගෙන් අඩු ආදායම්ලාභීන් සඳහා විශේෂ ණය ක්‍රමයක් පුනරුත්ථාපන අධිකාරිය සහ ලංකා බැංකුව එක්ව ක්‍රියාත්මක කරයි. මේ පිළිබඳව උතුරේ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් හෙට (29) යාපනය වීරසිංහම් ශාලාවේ දී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ ණය ලබාදීම සඳහා සුදුසුකම් සපුරාලන පුද්ගලයන් නම් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ද හෙට (29) දිනයේ පැවැත්වෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහතා ‘දිනමිණ’ ට කීය’නැවත පදිංචි වූ ජනතාව අතරින් තෝරා ගන්නා ත්‍රස්ත විපත්වලට මුහුණ දුන් අඩු ආදායම්ලාභී ණය හිමිකරුවන් සඳහා රුපියල් 2,50,000 ක උපරිමයකට යටත්ව 4% ක සහන පොලියක් යටතේ ණය ලබාදෙයි. එම ණය සහන ඔවුනගේ ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු සඳහා යොදා ගනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා