එළවළු-පලතුරු හොරට කිරූ 40ක් දැලේ

එළවළු-පලතුරු හොරට කිරූ 40ක් දැලේ

පලතුරු සහ එළවළු හොරට කිරා අලෙවි කළ වෙළෙඳුන් හතළිහක් (40) පිටකොටුව ප්‍රදේශයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව පුරා සිදු කළ මෙහෙයුමකින් මෙම වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. ඊයේ (10) පස්වරු 1 සිට පස්වරු 3 දක්වා මෙහෙයුම සිදු කෙරිණි. පලතුරු සහ එළවළු කිලෝව වෙනුවට ග්‍රෑම් 700 සහ ග්‍රෑම් 500 වෙනුවට ග්‍රෑම් 300 වශයෙන් අඩු බරට අලෙවි කර තිබේ.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ලැබුණ පැමිණිලි විශාල ප්‍රමාණයක් අනුව විශාල පොලිස් කණ්ඩායමක් යොදා මෙහෙයුම සිදු කර තිබේ. අත් අඩංගුවට පත් පිරිස අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ නයෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මැකාති පෙරේරා, සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පිටකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත දික්ඕවිට, අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. පී. ටී. සී. විජේරත්න මහත්වරු ඇතුලු පිරිසක් වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා