දෙමළ සන්ධානය කරන ඉල්ලීම් දෙමළ ජනතාව ඉල්ලන්නේ නෑ

දෙමළ සන්ධානය කරන ඉල්ලීම් දෙමළ ජනතාව ඉල්ලන්නේ නෑ

දෙමළ සන්ධානය තම දේශපාලන බලය රැක ගැනීම සඳහා ලබා දීමට අපහසු බලතල ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසයි. කිසිදු පළාත් සභාවකට ලබාදී නැති බලතල දෙමළ සන්ධානය උතුරු පළාත් සභාව සඳහා ඉල්ලා සිටියත් එම බලතල තුළින් දෙමළ ජනතාවගේ දැනට තිබෙන ප්‍රශ්න කිසිසේත් විසඳිය නොහැකි බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

දෙමළ සන්ධානය කළ යුත්තේ එම ජනතාවගේ අවශ්‍යතා අවබෝධ කරගෙන ඒවා දිනා ගැනීම සඳහා නිහතමානීව කටයුතු කිරීම බව පෙන්වා දෙන ඇමැතිවරයා ද්‍රවිඩ ජනතාවගේ සාමාන්‍ය ජීවිතයේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කිරීමේ කාලය ද්‍රවිඩ සන්ධානයට එළඹ ඇතැයි ද කියයි. උතුරට පොලිස් හා ඉඩම් බලතල දෙමළ ජනතාව ඉල්ලා නොසිටින බවත්, එවා හුදු දෙමළ සන්ධාන ඉල්ලීම් පමණක් බවත් පවසන ඇමැති කරල්ලියද්ද මහතා උතුරේ ද්‍රවිඩ ජනතාවට දැන් අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ නිවසක්, ජීවනෝපාය මාර්ගයක් සහ සාමකාමී පරිසරයක් බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා