නිට්ටඹුව ඩිපෝ වර්ජනයෙන් මගීන්ට දැඩි අපහසුතා

නිට්ටඹුව ඩිපෝ වර්ජනයෙන් මගීන්ට දැඩි අපහසුතා

රියැදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහරදීමක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් 10 දා (ඊයේ) උදෑසන සිට නිට්ටඹුව ශ්‍රී ලංගම ඩිපෝවේ සියලුම බස් රියැදුරන් හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක නිරතවීම නිසා මගී ජනතාව දැඩි අසීරුතාවයකට පත්වූහ.

ශ්‍රීපුර සිට කොළඹ දක්වා ධාවනය වූ නිට්ටඹුව ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරුට සහ කොන්දොස්තරවරයාට කැකිරාව තෝනිගල දී පෞද්ගලික බස් රථයක රියැදුරකු සහ කොන්දොස්තරවරයකු විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරකෑමට ලක්වූ ලංගම බස් රථ රියැදුරා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇත.

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා