ජනපති දැන් අප්‍රිකානු රටවලත් ජනප්‍රිය නායකයෙක්

ජනපති දැන් අප්‍රිකානු රටවලත් ජනප්‍රිය නායකයෙක්

ද.අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති ෂෙහාන් රත්නවේල්

ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම වූ එල්. ටී. ටී. ඊ. ය සාර්ථක ලෙස පරාජය කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර කීර්තියට පත් වී ඇත. ජනාධිපති රාජපක්‍ෂ මහතා දැන් අප්‍රිකානු රටවල් අතර ද ඉතාම ජනප්‍රිය නායකයෙකි. එම නිසා, දමිළ ජාතික සන්ධානය (ටී. එන්. ඒ.) විසින් පතුරුවන බොරු කතාවලට අප්‍රිකානු රටවල් සවන් නොදෙනු ඇත.”

”ටී. එන්. ඒ. ප්‍රචාරක යාන්ත්‍රණය මගින් ජිනීවා මානව හිමිකම් සම්මන්ත්‍රණය ඇතුළු, විවිධ ජාත්‍යන්තර වේදිකාවලදී පතුරුවා හැරීමට තැත්කරන බොරු කතා සාර්ථක නොවනු ඇත.” මෙම අදහස් පළකර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති ෂෙහාන් රත්නවේල් විසිනි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සිදුකිරීම සම්බන්ධ චෝදනා මත, ටී. එන්. ඒ. පක්ෂය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානි කිරීමට තැත් කළත්, විශේෂයෙන්ම අප්‍රිකානු රටවලදී එම ප්‍රයත්නය අසාර්ථක වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.

එල්. ටී. ටී. ඊ. යේ මානව හිමිකම් වාර්තාව පිළිබඳත් එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන කාඩර්වරුන් පුද්ගලයන් සිය ගණනින් මරා දැමූ අයුරු පිළිබඳවත් අප්‍රිකානු රටවල් හොඳින් දන්නා බව ඔහු කියයි. ”උතුරු නැෙඟනහිර ඇතුළු සමස්ත රටේම සාමය සහ සාමාන්‍ය ජන ජීවිතය ස්ථාපනය කර ඇති ආකාරයත්, සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳවත් ලොව බොහෝ රටවලට අවබෝධයක් තිබේ.” එමනිසා, ශ්‍රී ලංකා රජයට මඩ ගැසීීමට ටී. එන්. ඒ. පක්ෂය දියත් කර ඇති ප්‍රයෝග මල් පල නොගැන්වෙනු ඇතැයි ද තානාපතිවරයා තවදුරටත් කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා