ස්ලේම් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වෙමු

ස්ලේම් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වෙමු

‍ස්ලේම් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් (windows) මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන (Update) කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය සියලුම රටවලට දැනුම් දී තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මේ වෛරසය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ලැ‍බී නැතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ(සර්ට්)‍ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා 'දිනමිණ' ට පැවසීය.

ඉරානයේ පිහිටි සර්ට් ආයතනයෙන් 'ස්ලේම්' හඳුනාගැනීම සහ එය ඉවත්කිරීම සඳහා අවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාවක් හඳුන්වාදී ඇතැයි කී ඒ මහතා ශ්‍රී ලංකාවේ පිහිටි සර්ට් ආයතනයෙන් ද නව සම්බන්ධතාවක් හඳුන්වාදීමට පියවර ගත් බව කීය.

ඒ අනුව www.cert.gov.lk වෙබ් අඩවියට පිවිස නව සම්බන්ධතාව බාගත (Download) කර ගත හැකි බව චන්ද්‍රගුප්ත මහතා පවසයි. කෙසේ වුවද ‍මෙරට පරිගණක භාවිතා කරන්නන් අනිවාර්්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හා වෛරස් ගාඩ් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය බව කී ඒ මහතා, දැනට පවතින තත්ත්වය මත 'ස්‍ලේම්' පැතිර යාමක් දක්නට නොමැති බවද සඳහන් කළේය.

විශේෂයෙන් ඉරානයේ දත්ත සොරාගැනීම සඳහා මෙම වෛරසය යොදාගෙන ඇති බව දැනට ලැබෙන තොරතුරු අනුව සනාථ වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා