මාතර කිරලකැලේ අතු ඇළවල කිඹුල්ලු

මාතර කිරලකැලේ අතු ඇළවල කිඹුල්ලු

මාතර කිරලකැලේ සෑම ඇළ මාර්ගයකම කිඹුලන් සිටින නිසා ඒ ආශි‍්‍රත ප්‍රදේශවලට කිඹුල් තර්ජන උදාවී ඇතැයි මාතර ප්‍රාදේශීය ලේකම් බන්දුල රණවීර මහතා පවසයි.

මේ වන විට ආසන්න නිවාස කිහිපයක සිටි සුනඛයින් කිහිප දෙනකු ද කිඹුලන් ඩැහැ ගෙන ගොස් ඇතැයි පවසන ඒ මහතා ආරක්ෂිත නාන කොටු ඉදිකිරීමෙන් පමණක් මේ සඳහා විසඳුමක් ලබාගත නොහැකි බව පවසයි.

ඔවුන් අල්ලා ගෙන ගොස් දැමීම සඳහා නිශ්චිත ස්්ථානයක් සකස්කර පවත්වාගන යාම වඩාත් සුදුසු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා