ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගංජා ප්‍රවාහනය කරන බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ගංජා කිලෝ අටක් සමඟ සැකපිට අද (10) දඹුල්ල පොලිසිය දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

දඹුල්ල පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත මේ ගංජා තොගය රුපියල් ලක්‍ෂ හතරක මුදලකට මිලදී ගැනීමට යන මුවාවෙන් දඹුල්ල පොලිසියේ නිලධාරීහු මෙලෙස ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බලපිටිය වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එක් අයකු වසර 10ක පමණ කාලයක් චීවරධාරියකු ලෙස මේ ගංජා ජාවාරම සිදුකැර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ බස් රථවලින් මගීන් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට තොග පිටින් ගංජා අලෙවි කිරීම සිදුකරන බවයි.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්. ජේ. වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ වැටලීම සිදු කළහ.

සැකකරුවන් හා ගංජා තොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා