මාවනැල්ල - රඹුක්කන මාර්ගය සංවර්ධනයට

මාවනැල්ල - රඹුක්කන මාර්ගය සංවර්ධනයට

වසර ගණනාවක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ මාවනැල්ල-රඹුක්කන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සබරගමු පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් නිසි පියවර ගෙන තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මාර්ග සංවර්ධනය ඇරැඹීමේ අවස්ථාවට සහභාගි වූහ.

මාවනැල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගය ආරම්භයේ සිට මෙතෙක් කිසිදු සංවර්ධනයක් සිදු නොවීය. වරින්වර තාර ඇලවීම් පමණක් දක්නට ලැබිණි.

මෙම මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථ සහ ලංගම බස්රථ අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කළ අවස්ථාද පසුගිය කාලයන්හි අසන්නට ලැබිණි.

මාර්ගය අබලන් නිසාවෙන් ලංගමයට අයත් බස්රථ නිසි කාලසටහනට අනුව ධාවනය නොකිරීම ද බලපෑ එක් හේතුවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා