මීගමුවේ සිවුදරු පියෙක් ඝාතනය කළ සැකකරු මහාධිකරණයේදී වරද පිළිගනී

මීගමුවේ සිවුදරු පියෙක් ඝාතනය කළ සැකකරු මහාධිකරණයේදී වරද පිළිගනී

වසර 2ක සිර දඬුමක්: වන්දි ගෙවන්නත් නියෝග

හදිසි අරගලයකදී අනියම් මිනී මැරුමකට වරද පිළිගත් පුද්ගලයකුට මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අවුරුදු 10කට අත්හිටවූ බරපතළ වැඩ සහිත අවුරුදු 2ක සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩයක් නියම කෙළේය.

ඊට අමතරව මියගිය අයගේ බිරියට වන්දියක් වශයෙන් රුපියල් 1,20,000ක මුදලක් ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කෙළේය.

2009 අප්‍රියෙල් මස 19වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මීගමුව අධිකරණ කලාපයට අයත් පිටිපනදී සිවුදරු පියකු වූ එම්. ජූඩ් බැසිල් ප්‍රනාන්දු (37) නමැත්තාට පිහියකින් ඇන මරා දැමීයැයි මීගමුව පිටිපන පදිංචි පුද්ගලයකු මේ නඩුවෙන් අධි චෝදනා ලැබ සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා