කබරගොයි ඇල්ල අවට සංචාරකයන් අතින් ජරාවාස වෙලා

කබරගොයි ඇල්ල අවට සංචාරකයන් අතින් ජරාවාස වෙලා

සුන්දර කබරගොයි ඇල්ලට අසුන්දර දසුන් එක් නොකරන්නැයි අත්වැල්තොට ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

අගලවත්ත කලවාන මාර්ගයේ අත්වැල්තොට අහස් බෝක්කුව සීමාවේ පිහිටි කබරගොයි ඇල්ල සොබා දහමේ අපූර්ව නිර්මාණයකි. රූස්ස ගහ කොළ මැදින් නිහඬව ගලා බස්නා මේ ඇල්ල මුළු ප්‍රදේශයටම මහගු සම්පතක් බව ඔවුහු කියති.

මේ ඇල්ල නැරඹීමට පැමිණෙන බොහෝ සංචාරකයෝ මත්පැන් බී බෝතල් බිඳ එම අපද්‍රව්‍ය ඇල්ල අවට ප්‍රදේශයට විසි කරති.

මේ ස්ථානයට පැමිණෙන පෙම්වතුන්ගේ නොමනා හැසිරීම් නිසා ඇල්ල නැරඹීමට පැමිණෙන මවුපියන් අසීරුවට පත්ව සිටිති.

මේ ප්‍රදේශය හා ඇල්ල ආරක්ෂා කර ගැනීමට මහත්වරුනි කබරගොයි ඇල්ලට වින කරන්න එපා! යනුවෙන් ප්‍රදේශවාසීන් බැනරයක් ද ගසා ඇතත් එයට කිසිවකු අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැති බව ද ප්‍රදේශවාසීහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා