ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන් සමත් කරවන්න ගුරුවරියක් සිසුන්ගේ නළලේ මතුරපු තෙල් ගාලා

ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන් සමත් කරවන්න ගුරුවරියක් සිසුන්ගේ නළලේ මතුරපු තෙල් ගාලා

තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ට පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට අපූරු ගුරුකමක් ඉගැන්වූ ගුරුවරියක් පිළිබඳ රස කතාවක් පසුගියදා කුරුණෑගල නගරයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේ ය.

මේ පාසල කුරුණෑගල නගරය මධ්‍යයේ පිහිටි ප්‍රධාන පෙළේ පළාත් සභා පාසලකි. පාසලේ ඉගෙනුම ලබන සිසුන් ප්‍රමාණය හාරදහසකට අධිකය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන්සිය පනහකට ආසන්න සිසුන් ප්‍රමාණයක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.

තමන්ගේ පංතියේ සිසුන් වැඩි පිරිසක් විභාගයෙන් සමත් කරවීමට ගුරුවරු තුළ ඇත්තේ දැඩි තරඟයකි.

මේ පිළිබඳව අවධානයෙන් සිටි මේ පාසලේ ශිෂ්‍යත්ව පංති භාර ගුරුතුමිය ද විශාල කැප කිරීමකින් වැඩ කළාය.

අගෝස්තු නිවාඩු මාසයේ වුව ද බොහෝ පාසල්වල මෙන් මේ පාසලේ ද ශිෂ්‍යත්ව පංති පැවැත්විණි. අගෝස්තු 24 දින පංති පැවැත්වූ අවසන් දිනයයි. එදින ශිෂ්‍යත්ව පංතිය අවසන් වීමෙන් පසුව සිසුන් ඇමතූ® ගුරුතුමිය “අනෙක් පංතිවල සිසුන් යනකම් මගේ පුතාලා ටිකක් ඉන්න” යැයි පැවැසීය.

සිසුන් සියලු දෙනාගේම නළලේ යමක් ආලේප කරන්නට විය.

“පුතාලා විභාගයෙන් සමත් වෙන්න ප්‍රසිද්ධ කට්ටඩියකු මතුරන ලද තෙල් වර්ගයක් තමයි මම ගෑවේ... පුතාලා සියලු දෙනාම විභාගයෙන් පාස් වෙන්න කියා” සිසුන් පිටත් කර හැරියා ය.

විභාගයට පසුව මේ සිද්ධිය පාසල පුරාම පැතිර ගියේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා