ආයුර්වේද රෝහලට සිව්මහල් ගොඩනැගිල්ලක්

ආයුර්වේද රෝහලට සිව්මහල් ගොඩනැගිල්ලක්

ගම්පහ - යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල සඳහා අංගසම්පූර්ණ රෝහල් සිවු මහල් ගොඩනැගිල්ලක් ඉදිකරවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මේ රෝහල් ගොඩනැගිල්ල යක්කල – වැරැල්ලවත්ත ප්‍රදේශයේ අක්කර පහක භූමි ප්‍රදේශයක ඉදි කෙරෙන අතර ඒ සඳහා රුපියල් දස කෝටියකට ආසන්න මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීම පරිදි රජය මේ ගොඩනැගිලි සංකීර්ණය ඉදි කරදීමට කටයුතු කළ බව ගම්පහ වික්‍රමාරච්චි රෝහලේ වෛද්‍ය අධිකාරී ජේ. එස් කේ. වික්‍රමසිංහ මහතා පැවසීය.

දැනට වික්‍රමාරච්චි ශික්ෂණ රෝහල් වාට්ටු සංකීර්ණය වෙනත් කාර්යාල කටයුතු හා ආයුර්වේද පර්යේෂණ අංශ සඳහා යොදා ගැනීමට ද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අදහස් කර සිටින බව වෛද්‍ය අධිකාරී වික්‍රමසිංහ මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා