මිල්ලනිය රෙමුණ වැව ගොඩවෙලා කුඹුරු ගොවියන්ට ජලය නැතිව අසීරුතා

මිල්ලනිය රෙමුණ වැව ගොඩවෙලා කුඹුරු ගොවියන්ට ජලය නැතිව අසීරුතා

මිල්ලනිය හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකට අයත් වසම් 3කට මායිම්ව පිහිටි රෙමුණ වැව ගොඩ වී පිට්ටනියක තත්ත්වයට පත්ව ඇතැයි ජනතාව පවසති.

මිල්ලනියට අයත් ලබුගම හා මාහේන වසම් දෙකටත් මදුරාවලට අයත් රෙමුණ වසමටත් මායිම් වන සේ අක්කර 35ක පැතිර ඇති රෙමුණ වැව මේ වන විට අක්කර 15ක් පමණම ගොඩ වී බෙරු, වල් ඕලු, හබරල හා තණකොල වැවුනු කැලයක් බවට පත්ව ඇත.

වැව් රක්ෂිත ප්‍රදේශය වන අක්කර 2ක භූ®මිය ද ඝන කැලෑවෙන් යට වී තිබේ. ජලය නොමැතිකමින් මාහේන, ලබුගම ප්‍රදේශවල ගොඩ මඩ වගාවන් පාලුවෙන බව පවසන ජනතාව මේ වැව පිළිසකර කළහොත් ජලය ලබාගත හැකි බව පවසති.

ධීවර සමිති පිහිටුවා මත්ස්‍ය වගාව සිදුකළත් එයද එතරම් සාර්ථක නොමැති බවත් මල් වගාවෙන් නිසි පල නොලැබෙන බවත් පවසන ඔවුන් සවස් වන විට බීමත් පුද්ගලයන්ගේ පාරාදීසයක් බවට මේ වැව අවට ප්‍රදේශය පත්ව ඇති බව පවසති.

ආර්.ඩී. සුමනේරිස් පෙරේරා

සුමනේරිස් පෙරේරා

අපිට මේ වැවෙන් කිසිම ප්‍රයොජනයක් නෑ. අපේ හොඳම කුඹුරු ටික පාලු වෙනවා. වැවේ දෙකෙන් පංගුවකටත් වැඩිය බෙරු ගාලෙන් වැහිලා.

ඒ කිර්තිරත්න - රෙමුණ වෑකණ්ඩිය පැත්තේ විතරයි වැව හොඳට තියෙන්නේ. අවු 10කට පෙර වැව හෑරුවට පස්සේ ප්‍රතිසංස්කරණයක් කෙළේ නෑ. වෑකන්ද වටේට දාල බෝක්කු දාල වැව හාරන්න පාස් වෙලා කියල ආරංචියි.‍

සිලින්ඩර කෑලි ටිකක් ගෙනත් දාල තිබුණා. ඒවත් දැන් ඇත්තේ නෑ. බන්ට් එක ප්‍රදේශයේ හරියට පරිසර හානි වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා