ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව සිරියානු විපක්ෂය පෙළ ගැසේ දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව සිරියානු විපක්ෂය පෙළ ගැසේ

කටාරයේ ඩෝහා හිදි හමුවු සිරියා විරුද්ධ පාක්ෂිකයන් සිරියා ජනාධිපති බෂාර් අල්- අසාද් ට එරෙහිව පෙළ ගැසීමට ප්‍රතිපත්තිමය වශයෙන් ඊයේ එකඟ වී තිබේ. පැය 12 ක් පමණ පැවැති දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව සිරියානු විපක්ෂය මෙම එකඟතාවට එළඔ ඇත.

මෙම එකඟතාවට අනුව අන්තර්වාර පාලනයක් ,කැරැලිකාර කණ්ඩායම්වල කටයුතු සොයා බැලිමට හමුදා කවුන්සලයක් සහ කැරැලිකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රදේශවල අධිකරණ පිහිටුවීමටත් කටයුතු කරනු ඇත.

මාස 20 ක් තුළ සිදු කැරෙන ජනාධිපති බෂාර් විරෝධි යුද්ධයේ ආරම්භක ස්ථානය වශයෙන් සැලකෙන ඩාරාහීදි කැරැලිකරුවන් වෙතින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් ජනාධිපති බෂාර් අල් අසාද් ගේ හමුදාවන් දරුණු පසු බැසිමකට මේ අතර ලක් වි තිබේ .

වසර 2011 මාර්තු මාසයේ දි සිරියා කැරැල්ල ආරම්භ වූ තැන් පටන් මිය ගිය සංඛ්‍යාව 37 000 කට අධික බවත්, විරෝධතාවක් ලෙස ආරම්භවු මෙම කැරැල්ල දැන් සන්නද්ධ සටනක් බවට පත්වී ඇති බවත් හියුමන් වොච් සංවිධානය පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා