ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් අලුත උපන් බිළිඳා සමඟ මව මරුට දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් අලුත උපන් බිළිඳා සමඟ මව මරුට

ඇෆ්ගනිස්තානයේ නැගෙනහි‍ර ප්‍රදේශයේ ඇතිවු මාර්ගා සන්න බෝම්බ පිපිරීමකින් ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඝාතනය වුණු 6 දෙනා අතර මවක හා අලුත උපන් බිළිදෙකු ද සිටින බව පොලීසිය පෙරේදා ප්‍රකාශ කළේය.

මේ වින්දිතයන් අදාල මව බිළිදා ප්‍රසූත කිරීමෙන් පසු රෝහලේ සිට නිවෙස බලා යමින් සිටි එකම පවුලේ අය වන අතර පාකිස්තාන දේශ සීමා බද කොස්ට් පළාතේ දී තලේබාන් කැරලිකරුවන් විසින් අටවන ලද බෝම්බයට ඔවුන් ගමන් ගත් රිය අසුවී ඇත .

පොලීසිය ප්‍රකාශ කර ඇති පරිදි මෙහිදී කාන්තාවන් තිදෙනකු වැඩිහිටි පිරිමින් දෙදෙනකු හා අලුත උපන් බිළිදා ජිවිතක්ෂයට පත්ව තිබේ.

මීට අතිරේකව කන්දහාර් ප්‍රදේශයේ වෙන වෙනම ඇතිවූ බෝම්බ පිපිරීම් දෙකකින් තවත් පුද්ගලයන් 5 දෙනකු මියගාස් ඇති බවද වාර්තා වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා