රයිනෝ අං ජාවාරමේ යෙදුණු තායි ජාතිකයා වසර40ක් සිරේට දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

රයිනෝ අං ජාවාරමේ යෙදුණු තායි ජාතිකයා වසර40ක් සිරේට

ජාත්‍යන්තර‍ ‍‍‍වෙළඳපොළේ අලෙවිය සඳහා රයිනෝසරස් සොරකමේ යෙදුණු තායි ජාතිකයකුට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් අධිකරණයක් විසින් 40 වසරක සිර දඬුවමක් නියම කොට තිබේ .මෙය ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස සැලකේ .

දකුණු අප්‍රිකාවේ රයිනෝසරස් සත්වයන් මේ වසර ඇතුළත අසාමාන්‍ය ලෙස මිය ගොස් තිබේ .මේ වසර තුළ සත්වයන් 528 ක් මරා දමා ඇතැයි වාර්තා වේ .මේ නිසා එරට රයිනෝ සත්වයන් වඳවි යාමේ තර්ජනයක් මතුවි තිබේ .

වෙඩික්කරුවන් ලවා මෙම සත්වයන් මරවා අං එකතු කළ බව චම්ලොං ලෙම්ටොංතායි පාපෝච්චාරණය කර තිබේ .මේ කණ්ඩායම විසින් රයිනෝ අං 26 ක් එක් රැස්කර තිබූ බව හෙලිවි තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා