ඉන්දියා තරුණයන් වැඩි දෙනෙක් රිය අනතුරුවලට ලක්වෙන්නේ වැඩ පෙන්නන්න ගිහින්ලු දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ඉන්දියා තරුණයන් වැඩි දෙනෙක් රිය අනතුරුවලට ලක්වෙන්නේ වැඩ පෙන්නන්න ගිහින්ලු

ඉන්දියාවේ මාරක මාර්ග අනතුරු වලින් ඇතිවන තරුණ මරණ වලට මුලික හේතුවී ඇත්තේ විවධ මොස්තරයේ අලංකාර යතුරු පැදි , ජංගම දුරකතන වලින් කථා බහ කිරිම හා කාන්තාවන් ආශක්ත කර ගැන්මට දරණ වෑයම යන කරුණු තුන බව ඉන්දියානු ප්‍රාන්ත ප්‍රධානියකු ප්‍රකාශ කර තිබේ.

‘හොඳ යතුරු පැදියක් හා හොඳ ජංගම දුරකතනයක් හා හොඳ පෙම්වතියක් යන කරුනු තුන සපිරේ නම් අනතුරු ඇතිවීම ට ඇති ඉඩකඩ වැඩිවන්නේ යැයි’චතිස්ගාර් ප්‍රාන්තයේ මහ ඇමති රාමන් සිං ඉකුත් සෙනසුරාදා මාර්ග ආරක්ෂාව පිළිබඳ ව පැවති සම්මන්ත්‍රණයකදී කියා සිටියේය.

ජාතික අපරාධ වාර්තාකරණ කාර්යාංශයට අනුව 2011 දී පමණක් ඉන්දියාවේ පුද්ගලයන් 110000 ක් මාර්ග අනතුරුවලිල් මියගොස් ඇති අතර ඒ අනුව දිනකදී පුද්ගලයෝ 300 කට වැඩි ප්‍රමාණයක් මියෙති.මේ මරණ සිදුවීමට බලපාන සාධක අතර වාහන වේගය වැඩිවීම, මාර්ග පද්ධති අයහපත්වීම හා අයහපත් රිය පැදවිම යන කරුණු ද දක්නට ලැබෙන බව එහි දැක්වී ඇත.

තවද මාර්ග අනතුරු වලදී මියෙන සංඛ්‍යාවෙන් 55%- 60% අතර ප්‍රමාණයක් තරුණවයසේ පසුවන්නන් බව සම්මන්ත්‍රණය අමතමින් රාමන් සිං කීවේය.

තරුණයන් යතුරු පැදි වල ගමන් කරමින් සිටියදී ජංගම දුරකතනයෙන් ඇමතුම් ගැනීම බෙහෙවින් දක්නට ලැබෙන දසුනක් බව පවසන ඔහු මේ පුරුද්ද තරුණ කොටස් විසින් අත්හළ යුත්තක් බව කියා සිටියේය.

තවද බොහෝදෙනකු යතුරු පැදි මිලදී ගැන්මට විශාලමුදලක් යට කළද නිසි හෙල්මටයක් ගැනීමට පෙළඹී නැති බවද ඔහු පෙන්වා දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා