ගෝතමාලාවේ භූමිකම්පාවක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ගෝතමාලාවේ භූමිකම්පාවක්

ගෝතමාලාවේ පැසිපික් වෙරළින් ඔබ්බේ පෙරේදා 6.2 ක් ප්‍රබල භුමිකම්පාවක් ඇතිව තිබෙන බව එරට ජනාධිපති ඔට්ටෝ පෙරේස් ප්‍රකාශ කර තිබේ. මීට දින කීපයකට කලින් පුද්ගලයින් 42 නෙකුට මරු කැඳවු 7.4 ක භුමිකම්පාවක් ඇතිවූ ප්‍රදේශයේම මේ අලුත්ම කම්පනය සිදුව ඇත. ඉන් නාය යාමක් සිදුව ඇති නමුදු ජීවිත හානි ගැන වාර්තා වී නැත.

සුනාමි අනතුරු තර්ජනයක් මතුව නැති බවද වාර්තාවේ.ගෝතමාලා අගනගරයෙන් කිලෝමීටර 180 ක් දුරින් පිහිටි චැම්පෙරිකෝ නගරයේ මේ භුමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා ඇත.

මෙම භුමිකම්පාව සිදුවන විටත් ඉකුත් බදාදා ඇතිවූ භුම කම්පාවෙන් ඇතිවු සුන්බුන් වලට යට වූවකු සොයා ගැලවුම් කණ්ඩායම් කරයුතු කරමින් සිටි බව පැවසේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා