මියන්මාරයේ ඊයේත් භූමිකම්පාවක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

මියන්මාරයේ ඊයේත් භූමිකම්පාවක්

මියන්මාරයේ ඊයේ උදේද 5.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදු වුයේ පෙරේදා ඇතිවූ 6.8 ක භුමිකම්පාවෙන් 13දෙනකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා සිටියදීය.මේ අලුත්ම භුමිකම්පාව සිදුව ඇතතේ කිලොමීටර 9 ක් ගැඹුරේය.

පෙරේදා ඇතිවු භුමිකම්පාවෙන් පසු පසු කම්පනයන් කීපයක් ම සිදු ව ඇති අතර පෙරේදා රාත්‍රියේ 5.8 ක කම්පනයක්ද සිදුව ඇත.

කෙසේවෙතත් 13 දෙනකුට ජීවිත අහිමිකළ භූමිකම්පාවේදී ඊට ගොදුරුවූ මන්ඩලේ නගර‍යම භීතියට පත්ව තිබුණු බව පැවසී තිබේ. මේනගරයෙන් කි‍ලෝමීටඑ 116 ක් ඈත ග්‍රාමීය ප්‍රදේශයක භුමිකම්පාව ‍හටගෙන තිබිණ. ඉන්පසු ඇතිවු කම්පනයන් අවට ප්‍රදේශ වලට තදින් දැනී ඇත.

මුල් භූ කම්පනයේදී මියගියවුන්ගෙන් සිව්දෙනකු අඩක් නිමවුණු පාලමක් කඩාවැටීමේදී ඉරවැඩි ගඟට පැනීමෙන් දියේගිලී මිය ගියවුන්ය. තදාසන්න කියාවුක් මියායුන් ගම්මානයේදෙදෙනකු ආශ්‍රමයකට ඇතිවු හානියේදී මිය ගොස් ඇත.

සිනිට් කු නගර ප්‍රදේශයේ 6 දෙනකු ද මියගොස් ඇති අතර ඉන් දෙදෙනකු රන් ආකරයක් කඩා වැටීමෙන් එම ඉරණමට ගොදුරුව ඇත. ඉරවැඩි ගංගාවේ පාලම කඩාවැටීමෙන් එහිගමන් ගත් යාත්‍රා කීපයක් ගිලී ගිය බවද සඳහන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා