පලස්තීනයට පහර දෙන බවට ඊශ්‍රායලය අනතුරු අඟවයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

පලස්තීනයට පහර දෙන බවට ඊශ්‍රායලය අනතුරු අඟවයි

ඊශ්‍රායලයට මෑතදී එල්ල වුණු රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවට පලස්තීන ඉස්ලාමීය ව්‍යාපාරය වන හමාස් සංවිධානයට ඊශ්‍රායලය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ‘වෙනත් කණ්ඩායම් වල සහභාගිත්වය තිබුණද ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර මෙන්ම සෙබළුන් හා සිවිල් ජනතාව ට හානි සිදු කිරීමට දරණ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් වග කිවයුත්තේ හමාස් සංවිධානයයි.එහෙයින් ඊට හිමි වන්දි ය ගෙවිය යුත්තේ ද එම සංවිධානයයි.’යනුවෙන් ඊශ්‍රායල් ආරක්ෂක ඇමති එහුඩ් බැරැක් පෙරේදා කීවේය. මේ නිසා ඔවුන් ට දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවද ඔහු කීය.

කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියේ ඔවුහු ගාසා තීරයට ප්‍රහාර කීපයක් එල්ල කළහ. මෙහිදී හොර ජාවාරම් වලට යොදාගත්උමගකටද ආයුධ ගබඩාවකට හා රොකට විදින කඳවුරකටද ඔවුහු පහර දුන්හ.

පසුගිය දෙදින තුල ඊශ්‍රායල් ආරක්ෂක බලකායන් විසින් ගාසා තීරයට එරෙහි ප්‍රහාරයන් තීව්‍ර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව ද එහුඩ් බැරැක් කීවේය.තමන්ට එල්ල

කරන ප්‍රහාරයන් හමුවේ දෑත් බැඳ නොසිටින බව සෙසු ලෝකය දත යුතු බවත් එහෙයින්ම තම ප්‍රහාර තීව්‍ර කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා