අල්කයිඩාව සමඟ ඇයි හොඳයියට ගිය යේමන ගෝත්‍රික නායක අත්අඩංගුවට දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අල්කයිඩාව සමඟ ඇයි හොඳයියට ගිය යේමන ගෝත්‍රික නායක අත්අඩංගුවට

අල්කයිඩා සංවිධානය සමඟ සබඳතා පවත්වන්නේය යන චෝදනාව මත ටරික් අල් -ෆාඩි නැමති යේමන ගෝත්‍රික නායකයකු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා තිබේ .

ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ සගයන් දෙදෙනකු හමුදාවට පක්ෂපාති සන්නද්ධ කල්ලියක් විසින් මරාදමා තිබිණි .

එම කණ්ඩායම් විසින් සතියක පමණ කාලයක් පුරා ෆාඩිගේ නිවස වටලා සිටි බව සඳහන්වේ .බලධාරින් පවසන අන්දමට ෆාඩි දැන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ නිවාස අඩස්සියේ පසුවන්නේ ඒඩන් නගරයේ යි .

පසුගිය වර්ෂයේදි හටගත් කැරැල්ලකින් අනතුරුව යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ ධූරයෙන් පහකර හැරිමෙන් අනතුරුව සින්ජිබා සහ අබියාන් නගර ඇතුළු දකුණු දිග ප්‍රදේශ ‍බාහොමයක් අල්කයිඩා ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට පත්වි තිබේ.

කෙසේ වෙතත් යේමන හමුදාව විසින් මාසයක පමණ කාලයක් පුරා ක්‍රියාත්මක කරන ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීන් අරාජික කාන්තාර ප්‍රදේශ කරා පසු බසිමින් සිටින බව වාර්තාවේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා