ජිනීවා යෝජනාවලට සහාය දුන්නොත් ඉන්දියාවටම අවාසි සිදු වෙනවා

ජිනීවා යෝජනාවලට සහාය දුන්නොත් ඉන්දියාවටම අවාසි සිදු වෙනවා

ඉන්දීය මාධ්‍ය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව ජිනීවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ගෙන ආවොත් සහ ඊට ඉන්දියාව සහාය දුන්නොත් එය ඉන්දීය ජාතික අවශ්‍යතා සපුරා ගැනීමේ දී ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය කියයි.

ඉන්දියාවේ “ද පයනියර්” සඟරාව මේ බව කියා සිටී. එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කන්චන් ගුප්තා සිය ලිපිය මගින් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව අසාධාරණ ලෙස චූදිතයකු කරන්නේ නම් ඉන්දියාව ද වැරැදිකරුවකු බවයි.

කාශ්මීරයේ බෙදුම්වාදීන්ට එරෙහිව ඉන්දියාව සටන් කළ නිසා එසේ වැරැදිකරුවකු වන බවත් කියා සිටියි. ඉන්දියාව වෙනත් රටක මෙවැනි තත්ත්වයක් ස්ව කැමැත්තෙන් පිළිගන්නේ නම් කාශ්මීර ඉල්ලීම් ගැන කියන්නේ කුමක්දැයිද පයනියර් සඟරාව ප්‍රශ්න කරයි.

රටක අභ්‍යන්තර ගැටලුවලට මැදිහත්වී එහි ස්වෛරීභාවයට බලපෑම් කිරීම ඉන්දියාව පිළිගන්නේද? ශ්‍රී ලංකාවට එරෙහිව අසාධාරණ පියවර ගැනීමට පෙර ඉන්දීය අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය.

ශ්‍රී ලංකාවට සිය ගැටලුවලට මුහුණදීමේ හා විසඳුම් ලබාදීමේ හැකියාව තිබේ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් සිදු කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළහොත් එය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු බව ද පයනියර් සඟරාව පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා