නාවික හමුදා ප්‍රහාරවලින් ඉන්දීය ධීවරයන් මියගිහින් නෑ

නාවික හමුදා ප්‍රහාරවලින් ඉන්දීය ධීවරයන් මියගිහින් නෑ

ඉන්දීය රජය අවධාරණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරවලින් ඉන්දීය ධීවරයන් මියගිය බවට තහවුරු කළහැකි කිසිඳු නිල වාර්තා නොමැති බව ඉන්දීය රජය අවධාරණය කරයි.

පසුගිය වසරක කාලය සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන් ඝාතනය වී නොමැති බව ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනි මහතා ප්‍රකාශකර ඇත. ඉන්දීය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්  ආරක්ෂක ඇමැතිවරයා මේ බව සඳහන්කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරවලට ලක්වන බවට විවිධ අවස්ථාවන්හිදී තමිල්නාඩු දේශපාලනඥයන් විසින් චෝදනා එල්ල කරන අතර ඊට අමතරව ධීවරයන් සිය ගණනක් මියගොස් ඇති බවටද ඔවුන් ප්‍රකාශකර තිබේ.

මේ අතර ඉන්දීය පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනි ප්‍රකාශකර ඇත්තේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවර බෝට්ටු 23 ක් සහ ධීවරයන් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් මහා පරිමාණ ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම හේතුවෙන් මෙරට ධීවරයන්ගේ ජීවිකාව තර්ජනයට ලක්ව ඇති බවද හෙතෙම පෙන්වාදී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා