ආජන්ටිනානුවෝ වීදි බැස ප්‍රීති වෙති

ආජන්ටිනානුවෝ වීදි බැස ප්‍රීති වෙති

266 වන පාප්වහන්සේ වශයෙන් පත්වු ආජන්ටිනාවේ ‍ජෝර්ජ් බර්ගොග්ලියෝ කාඩිනල්තුමා සාන්ත පිටර්ස් බැසිලිකා සඳළුතලයේ සිට එහි රැස්ව සිටි කිතු බැතිමතුන්ට ආචාර කරමින් .....

ආජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ නව පාප් වහන්සේ ලෙස කාඩිනල් සංසදය විසින් බදාදා තෝරා පත්කරගෙන ඇත . ඔහු පාප් පදවියට පත්කර ගන්නා ලද ප්‍රථම ලතින් ඇමෙරිකන් පාප් වහන්සේ යි . එතුමන් අතිඋතුම් ෆැන්සිස් පාප්වහන්සේ ලෙස නම් කර තිබේ . එතුමන් දුම්රිය සේවකයෙකුගේ පුතෙකි .

උන්වහන්සේගේ තේරිපත්විම පුදුම සහගත ලෙස සලකන අතර ඒ හේතුවෙන් ක‍තෝලික පල්ලි‍යට වඩාත් විවෘත ලෙස කටයුතු කිරිමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ .කිතු බැතිමතුන්ගේ ඔල්වරසන් මධ්‍යයේ සාන්ත බැසිලිකා සඳළුතලයට සිනාමුසු මුහුණින් පැමිණි 76 හැවිරිදි නව පාප් වහන්සේගේ ප්‍රථම යාඥා මෙහෙය හිටපු 16 වැනි පාප්වහන්සේට ආශිර්වාද කිරිමට කැපකරන ලදි .

වසර 1300කට පසුව තේරි පත්වූ යුරෝපීය නොවන පාප් වහන්සේ මෙතුමායි .ලොව පුරා වෙසෙන බිලියන 1 .2 ක්වු කිතුනු බැතිමතුන්ට සහෝදරත්වයෙන් ජීවත්වන ලෙස ඉල්ලා තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා