දකුණු කොරියා සාම ගිවිසුම ඉරා දමනවා

දකුණු කොරියා සාම ගිවිසුම ඉරා දමනවා

උතුරු කොරියාව කියයි

වසර 1953 කොරියන් යුද්ධයෙන් පසුව දකුණු කොරියාවත් සමඟ ඇති කරගත් සාම ගිවිසුම ඉරා දමන බව උතුරු කොරියාව තහවුරු කර තිබේ . තවද මින් ඉදිරියට සිය සතුරන්ට අනුකම්පා විරහිතව පහර දෙන බවත් අවධාරණය කරයි . මෙය මෑතක සිට උතුරු කොරියාව නිකුත් කළ තවත් ප්‍රබල අනතුරු ඇඟවීමකි . ඊට අදාළ දිගු නිවේදනයක් එරට සන්නද්ධ හමුදා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත . ඇමෙරිකාව සහ ඔවුන්ගේ සගයෙකු වු දකුණු කොරියා පඹයන් උතුරු කොරියාවට එරෙහිව යුද වැදිමට අරඅඳින බවත් අවධාරණය කර ඇත . මේ නිසා අන් කිසිදාටත් වඩා කොරියාවේ ප්‍රබල උණුසුම්කාරි යුද වාතාවරණයක් ගොඩනැඟී තිබේ . කෙසේ වෙතත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ උතුරු කොරියාව වරින් වර මෙවැනි තර්ජන ගර්ජන කිරිම සිදුකරන බවයි .

තවද මැතකදි පනවන ලද නව සම්බාධකවලට එරෙහිව ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවටත් උතුරු කොරියාව තර්ජනය කර තිබේ . උතුරු කොරියාවේ යුද ජෙට් යානා සැරිසැරීම විශාල වශයෙන් වැඩිකර ඇති අතර මෙවැනි යානා 700 ක් පමණ සඳුදා පමණක් නිරීක්ෂණය කළ බව දකුණු කොරියාව පවසයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා