ඔස්ට්‍රේලියා ගිය සරණාගත බෝට්ටුවක් දෙකඩ වෙයි

ඔස්ට්‍රේලියා ගිය සරණාගත බෝට්ටුවක් දෙකඩ වෙයි

සරණාගතයන් 77 දෙනකු රැ‍ගෙන ඔස්ට්‍රේලියාව බලා ගිය බෝට්ටුවක් අනතුරට පත්වි ඇති අතර ඔස්ට්‍රේලියන් නාවික බෝට්ටුවක් විසින් ඔවුන් බේරාගෙන ඇත . බෝට්ටුව දෙකඩවිමෙන් මේ අනතුර සිදුවි ඇති අතර ඔස්ට්‍රේලියන් බලධරයන් පවසන අන්දමට කිසිවකුත් අතුරුදන් වි නැත .

ඔස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටා ඇති අෂ්මෝ දුපත අසල දි මේ බෝ‍ට්ටුව අනතුරට පත්වි ඇතැයි නිරීක්ෂණය කර ඇත්තේ වෙරළාරක්ෂක ගුවන් යානයකි . ඒ බව දැනුම් දුන් විගස ඔස්ට්‍රේලියන් නාවික හමුදා නෞකාවක් ,ගුවන් යානා කිහිපයක් සහ වෙළඳ නැව් කිහිපයක්ම ඔවුන් ගලවා ගැනිමට යවා ඇත .

මෙම සරණාගතයන් කුමන ජාතින්ට අයත්ද යන්න තහවුරු කරගෙන නැත . බෝට්ටුව කැඩි යාමට නිශ්චිත හේතුව මෙතෙක් සොයාගෙන නැතත් ඊට හේතුව අයහපත් කාලගුණය විය හැකි බවට විෂ්වාස කෙරේ . ඔස්ට්‍රේලියාවට පැමි‍ණෙන සරණාගතයන් සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවන අතර ඉතා අවදානම් සහිත ගමනක යෙදෙන මොවුන් සෑහෙන සංඛ්‍යාවක් ගමනාන්තයට පෙර මිය යති .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා