ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සෞඛ්‍ය සේවක පිරිසට පත්වීමේ ලිපි හෙට ජනපති අතින්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සෞඛ්‍ය සේවක
පිරිසට පත්වීමේ ලිපි හෙට ජනපති අතින්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් වන 10400 කට අලුතින් පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සිදුකෙරේ.

හෙද පුහුණුව සඳහා 6025 කටත් පරිපූරක අතුරු වෛද්‍ය සේවය සඳහා වෛද්‍යවරු 1990 ක්ද පුහුණුව නිම කළ හෙදියන් 2000 කට පත්වීම් ලිපිද මෙහිදී පිරිනැමීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

ප්‍රථම වරට විද්‍යාපීඨ උපාධිධාරින් 281ටද පත්වීම් පිරිනැමීමට නියමිත බව හෙතෙම කීය.

මෙම බඳවා ගැනීමත් සමඟ රෝහල් හෙද සේවාවේ හෙදියන් සංඛ්‍යාව 36000 ඉක්මවන බව ඒ මහතා පැවසීය. සෞඛ්‍ය සේවාවට 50000 ක හෙද බලකායක් පිහිටවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල දියත් කළබව කී ඇමතිවරයා ලංකා ඉතිහාසයේ වැඩිම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් බදවාගත් අවස්ථාව මෙය බවද කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා