අවසන් තීරණය ආහාර උපදේශ කමිටු රැස්වීමෙන් පසුව

කිරිපිටි විනාශ කිරීම:

අවසන් තීරණය ආහාර උපදේශ කමිටු රැස්වීමෙන් පසුව

කිරිපිටි මෙට්‍රික් ටොන් 130ක් විනාශ කිරීම සඳහා කිරිපිටි ආනයන සමාගමක් මඟින් කළ ඉල්ලීම පිළිබඳ අවසන් තීරණය ආහාර උපදේශක කමිටුව රැස්වීමෙන් අනතුරුව ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ කිරිපිටි ‍තොග ඉතාමත් සුළු වශයෙන් ගෙන්වා තිබෙන අතර ඒවා සියල්ලම ආනයනය කර තිබෙන්නේ පසුගිය වස‍රේ ජූලි මාසයට පෙර බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කිරිපිටිවල ඩීසීඩී නමැති රසායනිකය අන්තර්ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය ජූලි මාසයේ වන අතර එහිදී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් ද පත් කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ආනයනික කිරිපිටි ඩීසීඩී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වෙළඳපොළට නිකුත් කිරීම සිදු කරන ලද්දේ අමාත්‍ය අනුකමිටුවේ උපදෙස් මත ය. මේ කිරිපිටි තොගය පසුගිය ජූලි මාසයට පෙර ගෙන්වන ලද ඒවා නිසා සහ ඉතා ‍කුඩා තොග වශයෙන් ගෙන්වා තිබෙන නිසා ඒවායේ ඩීසීඩී පරීක්ෂාව සිදු කිරීම ආර්ථිකමය වශයෙන් ලාබදායී නොවන නිසාත්, අඳාළ කිරිපිටි තොගය විනාශ කිරීමට එම සමාගම අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා