ගංජා ප්‍රවාහනයට චෝදනා ලැබූ විල්ගමුවේ සභාපති හිටපු සභාපති අත්අඩංගුවට

ගංජා ප්‍රවාහනයට චෝදනා ලැබූ විල්ගමුවේ සභාපති හිටපු සභාපති අත්අඩංගුවට

ගංජා කිලෝග්රෑම් 275 ක් සන්තකායේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා ලැබූ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ යන මහත්වරු පසුගිය පළවන දින විල්ගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමගින් හිටපු සභාපති ගමන්ගත් කැබි රථයේ පිටුපස තිබී ගංජා තොගය හමුවූ බව විල්ගමුව පොලීසිය පවසයි

සැකකරුවන් දෙවන දින නාඋල වැඩ බලන මහේස්ත්‍රාත් අයි ජී මුනසිංහ මහතා වෙත ඉදිරිපත් කරීමෙන් අනතුරුව මාර්තු තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ විල්ගමුව පොලිසියට විශේෂ ප්‍රකාශයක් කල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැක කරුවන් සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බැවින් මාර්තු තුන්වන දින නිවැරදි කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කෙළේය. විත්තිපාර්ශවය වෙනුවෙන් නීතිඥ වසන්ත ආරියරත්න සහ නීතිඥ ඉන්දික සෙනෙවිරත්න යන මහත්වරුන් පෙනී සිටිය අතර සැක කරුවන් හෙට දින (මාර්තු 03) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා