රුසියන් හමුදාව යුක්රේනයට යැවීම ජාත්‍යන්තර නීති අමුඅමුවේ කඩා දැමීමක්

රුසියන් හමුදාව යුක්රේනයට යැවීම ජාත්‍යන්තර නීති අමුඅමුවේ කඩා දැමීමක්

ජනපති ඔබාමා ජනපති පුටින්ට කියයි

යුක්‍රේනයේ උද්ගතවි ඇති තත්ත්වය පිළිබඳව පැවති ජගත් ආරක්ෂක කවුන්සල හදිසි රැස්විමේ දි අදහස් ප්‍රකාශ කරන ජගත් සංවිධාන රුසියන් තානාපති විටලි චර්කින්

රුසියන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රුසියන් හමුදාව යුක්රේනයට යැවිම ජාත්‍යන්තර නීති අමු අමුවේ කඩා දැමිමක් බව ජනාධිපති ඔබාමා රුසියන් ජනාධිපති වැල්ඩිමිර් පුටින්ට දන්වා තිබේ . හමුදා මෙහෙයුම ඉදිරියට ගෙන ගියහොත් රුසියාව දේශපාලන වශයෙන් හුදෙකලා කරන බවටද ඔබාමා අනතුරු අඟවා තිබේ . යුක්රේන ජනතාවගේ ඉරණම විසඳා ගැනීමේ අයිතිය එරට ජනතාව සතු විය යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ .

ජනාධිපති ඔබාමා විනාඩි 90ක කාලයක් පුරා ජනාධිපති පුටින් සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාව විචාරකයන් දකින්නේ සිතල යුද්ධයෙන් අනතුරුව අමෙරිකන් රුසියන් නායකයන් අතර ඇතිවු ඍජු ගැටීමක් ලෙසයි .

මේ අතර රුසියාවට එරෙහි බටහිර බලවේලග පෙළ ගැස්වීමටද ඔබාමා කටයුතු අරඹා ඇත . ජනාධිපති ඔබාමා ප්‍රංශ ජනාධිපතිවරයා සහ කැනඩා අගමැතිවරයාට මේ වන විටත් ආමන්ත්‍රණය කර තිබේ .

මේ අතර අමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි යුරෝපා රටවල සහ කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත . එම සාකච්ඡාවට යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි කැත්‍රීන් ඇෂ්ටන් සහ අමෙරිකාවේ ජපන් තානාපතිවරයා ද සහභාගිවි ඇත. මොවුන්ගේ කාර්යභාරය වී ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධීකරණය කිරිමයි .

කැනඩා අගමැති හාපර් රුසියාවේ සිය තානාපතිවරයා ආපසු කැඳවා ගෙන ඇති අතර රුසියාවේ පැවැත්විමට නියමිත ජී-8 සමුළුව අමෙරිකාව සමඟ එක්වී වර්ජනය කරන බවටද අනතුරු අඟවා තිබේ .

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා