නිලාවේලි-වැලිමඩ-බණ්ඩාරවෙල දී දියේ ගිලීමෙන් මරණ 5ක්

නිලාවේලි-වැලිමඩ-බණ්ඩාරවෙල දී දියේ ගිලීමෙන් මරණ 5ක්

ඒ අය අතර චීනකතක්

නිලාවේලි,වැලිමඩ,බණ්ඩාරවෙල යන ප්‍රදේශවලදී පෙරේදා (1) දිනය තුළ දිය නෑමට ගිය විදේශීය කාන්තාවක ඇතුළු පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

නිලාවේලි පරවි දූපත අසළ මුහුදේ දිය නෑමට ගිය 22 හැවිරිදි චීන ජාතික කාන්තාවක් දියේ ගි‍ලී මි‍යගොස් ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(02) සිදුකිරීමට නියමිතව තිබුණි.

වැලිමඩ ඇල්ල ගල්වල උමාඔයේ දියනෑමට ගිය එකම පවුලේ සොයුරන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති අතර මෙම පුද්ගලයන් දෙදෙනා උමා ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී අවට සිටී පුද්ගලයින් විසින් ගොඩට ගෙන වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමට පෙර මියගොස් ඇතිබව පොලිසිය පවසයි.මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ වැලිමඩ නුගතලාව දිමුතුගම ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි මොහොමඩ් රුක්ෂාන් සහ එකොළොස් හැවිරිදි මොහොමඩ් ඉර්ෂාන් නැමැති අයවළුන්ය.

පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා(01) වැලිමඩ රෝහලේදී සිදු කර මෘත ශරීර ඥාතින්ට භාරදී ඇත. බණ්ඩාරවෙල අයිස් ලැබ් වතුයායේ පනංගල වැවේ දියනෑමට ගිය පුද්ගලයන් පස් දෙනකු දියේ ගිලී දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර තිදෙනකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

අතුරුදන්වූ අය සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකරගෙන යනු ලබයි.දියේගිලී අතුරුදහන්ව ඇත්තේ පට්ටියගෙදර පනංගල චෛත්‍යගම පදිංචි දහඅට හැවිරිදි සදුන් උපුල් කුමාර නමැත්තෙකු හා දහඅට හැවිරිදි සුපුන් නමැති අයවළුන්වේ.

කුචිචවේලි,වැලිමඩ,බණ්ඩාරවෙල පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා