කූට ජාවාරම් මුළුමනින්ම නැවැත්වීමට ලෝක පාරිභෝගික සංවිධානයේ සහාය පතයි

පාරිභෝගිකයාට වසවිස කවන

කූට ජාවාරම් මුළුමනින්ම නැවැත්වීමට ලෝක පාරිභෝගික සංවිධානයේ සහාය පතයි

පාරිභෝගිකයාට වස විස කවන කූට වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ජාවාරම් නවත්වා ගැනීමට රජය පාරිභෝගික අධිකාරිය හරහා කරගෙන යන පුළුල් වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කර එම කූට ජාවාරම්වලට සම්පූර්ණයෙන්ම තිත තැබීම සඳහා ලෝක පාරිභෝගික ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගය ලබා ගැනීමටද අදහස් කර තිබේ.

ලෝක පාරිභෝගික ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබේ. දකුණු ආසියා රටවල ප්‍රධාන මධ්‍යස්ථානය මලයාසියාවේ පිහිටා තිබේ.

එම ජාත්‍යන්තර සංවිධානය 1952 ජෝන් එෆ්.කෙනඩි ජනපතිවරයා විසින් පිහිටුවා ගනු ලැබුවේ පාරිභෝගිකයා වස විස කැවීමෙන් සම්පූර්ණයෙන් ආරක්ෂා කර ගනු සඳහාය.

ලෝකයේ විවිධ රටවලින් මෙරටට විවිධ වර්ගයේ ආහාර ද්‍රව්‍ය දහස් ගණනක් ආනයනය කෙරේ. ඒ අතර මෙරටින්ද ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපනයනය කෙරේ.

එසේ ආනයනය සහ අපනයනය කරන ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කල් තබා ගැනීම සඳහා මිනිස් පරිභෝජනයට සම්පූර්ණයෙන්ම අහිතකර පිළිකා කාරක ඇතුලු විවිධ රෝග ඇතිකරවන රසායනික විස ද්‍රව්‍ය රැසක් අඩංගු බව හෙළිවී තිබේ.

තවත් කූඨ වෙළෙඳුන් විදෙස් රටවලින් සත්ව ආහාර සඳහා ඉවත ලන බොහෝ ආහාර ද්‍රව්‍ය කිසිදු මුදලක් නොගෙවා හෝ ඉතා අඩු මිලට ලබාගෙන මෙරටට ගෙන්වා දින වකවානු වෙනස් කර විවිධ රසායනික ද්‍රව්‍ය තීන්ත වර්ග ආදිය යොදා යළි අලුත්ම ඒවා ලෙස අලෙවි කරනු ලබයි.

මෙවැනි ආහාර තොග මෙට්‍රික් ටොන් තිස්දහසක් පමණ පසුගිය මාස ගණනාවක තුළ ‍ෙසායා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකිවිය.

මෙවැනි වැටලීම් සිදුකිරීම නිසා පාරිභෝගික අධිකාරියට එවැනි කූඨ ජාවාරම් සම්බන්ධව ලැබෙන තොරතුරු ද සියයට සියයකින් වැඩිවී තිබේ. තවද මේවා සොයාගැනීම පිළිබඳ පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයාගේ දැඩි පැසසුමට ද ලක්ව තිබේ.

මේවා සම්බන්ධව පාරිභෝගික අධිකාරිය සිදුකරන වැටලීම් ප්‍රමාණයද වැඩිකර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයාට කාලයක් තිස්සේ කැවුණ වස විස සහිත ආහාර ද්‍රව්‍ය රැසක් තවදුරටත් පාරිභෝගිකයා අතට පත්වීමට ඉඩ නොදී බේරාගැනීමට හැකිවී තිබුණි.

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අදහසක් මත ජාත්‍යන්තරයෙන් එන වස විස ඇති ආහාරවලට තිත තැබුවහොත් මෙරට අලෙවි කෙරෙන වස විස ඇති ආහාර ද්‍රව්‍ය රැසක් නවතින බව අදහස වෙයි. ඒවා නවත්වාගැනීම සඳහා මෙසේ ජාත්‍යන්තර පාරිභෝගික සංවිධානයේ සහයෝගය ලබා ගැනීමට නියමිතව ඇත. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා පැවැත්වෙන අතර එය ළඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරෙ‍ාත්තු වෙයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා