නව ගුවන් හමුදාපති දළදා සමිඳු වැඳ පුදා ගනී

නව ගුවන් හමුදාපති දළදා සමිඳු වැඳ පුදා ගනී

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය.

අනතුරුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ මෙරට 14වැනි නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා මෙසේ පැවැසීය.

මේ රටේ සංවර්ධනයට ගුවන් හමුදාවේ ඉහළ ම දායකත්වය ලබාදෙන්න කටයුතු කරනවා. හිටපු ගුවන් හමුදාපතිතුමාගේ කාලයේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. දැනට මහනුවර දිගන ගුවන් පථයේ වැඩ කෙරීගෙන යනවා.

ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය මඟින් කොළඹ හා නුවරඑළිය ප්‍රදේශවල විශේෂ වැඩ කොටසක් කරගෙන යනවා. මේ අංශය රටේ සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායක වෙනවා. අද රටේ සංවර්ධන ක්ෂේත්‍රය තුළ මහා පිබිදීමක් දක්නට ලැබෙනවා. රටේ සංවර්ධනයට සක්‍රීයව දායකවීම, ගුවන් හමුදාවේ ඉහළ ම කැපවීම තුළින් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා