බිම්ස්ටෙක් සමුළුවට ජනපති මියන්මාරයට යයි

බිම්ස්ටෙක් සමුළුවට ජනපති මියන්මාරයට යයි

බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) මියන්මාරය බලා පිටත්ව යයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදුකරන අපරාධ හා නීතිවිරෝධී ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීම සඳහා සහයෝගීතාව පිළිබඳ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධාන සම්මුතිය මෙවර නේපාලයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (04) සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා "දිනමිණ" ට පැවසීය.

බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික සහයෝගිතාව වර්ධනය අරමුණින් පැවැත්වෙන මේ සමුළුව වෙනුවෙන් සාමාජික රටවල රාජ්‍ය නායකයන් සහභාගි වන අතර ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, භූතානය සහ නේපාලය එහි සාමාජිකත්වය උසුළයි. වෙළද සහ ආයෝජන, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, පරිසරය සහ ස්වාභාවික විපත් පාලනය, කාලගුණික වෙනස්වීම්, ප්‍රවාහනය සහ සන්නිවේදනය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරේ.

සාපරාධී කටයුතු මැඩපැවැත්වීම, අත්අඩංගුවට ගැනීම, උදර්පණය හා මෙම සම්මුතියේ විෂය පථය මගින් ආවරණය වන අපරාධවල නියැළෙන පුද්ගලයන්ට හා ඔවුන්ගේ හවුල් කරුවන්ට නඩු පැවරීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය ලබාදීම සඳහා පහසුකම් සැලසීමේ විධි ක්‍රම සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය සඳහා පහසුකම් සැලසීමේ විධි ක්‍රම සම්බන්ධීකරණය කිරීම එම සම්මුතියේ ලක්ෂණ වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා