ජාතීන් අතර ආගමික සහජීවනය ගොඩනැඟීමට ගලගම ධම්මරංසි හිමියන්ගේ මෙහෙය සුවිශේෂියි

ජාතීන් අතර ආගමික සහජීවනය ගොඩනැඟීමට ගලගම ධම්මරංසි හිමියන්ගේ මෙහෙය සුවිශේෂියි

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ

ජාතීන් අතර ආගමික සහජීවනය ගොඩනැඟීම සඳහා ජනාධිපති ආගමික කටයුතු උපදේශක ගලගම ධම්මරංසි හිමියන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙවර මැතිවණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වන ධම්මරංසි හිමියන් තෝරාපත් කරගැනීම මඟින් උන්වහන්සේගේ සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් වනු ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයේදී ධම්මරංසි හිමියන් පළාත් සභාවට තේරිපත් වන බවට තමන් විශ්වාස කරන බවත් එය මේ රුස්වීම සඳහා සහභාගී වි සිටින ජනපිරිසෙන් මනාව පැහැදිලි වනබවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේ ගලගම ධම්මරංසි හිමියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගල්කිස්ස මවුන්ට් ලංකා හෝටලයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා:- මැතිවරණ කාලේදී නමට වඩා වටින්නේ අංකයයි.ඡන්දකොළේ නම තිබුණට ෆොටෝඑක නැහැ.ඒ නිසා අංකය ඉතා වැදගත්.ගලගම හාමුදුරුවන්ගේ මනාප අංකය දහනවය. ගලගම ධම්මරංසි හිමියන් අපි හඳුනන්නෙ කුඩාකාලේ පටන්මයි.ගලගම කියන්නේ ජනාධිපතිතුමාට බොහෝම හිතවත් ප්‍රදේශයක්.

බෙලිඅත්ත ගලගමින් බිහිවූ උගතුන් විශාල පිරිසක් රට පුරාම සිටිනවා .ධම්මරංසි හිමියන් කොළඹට වැඩිය කාලේ ජනාධිපතිතුමාට මන්ත්‍රී ධූරය වත් තිබුණේ නැහැ.මට මතකයි ඒ කාලේ අපි සාකච්ඡා පවත්වන්නෙ පොඩි හාමුදුරුවන්ගෙ පන්සලේ.මියගිය කරුණාජීව මහත්තයා පදිංචි වෙල හිටියෙත් ඒ ආසන්නයෙ.

ගලගම පොඩිහාමුදුරුවො එදා ඉදලම ජනාධිපති තුමාට සහය දුන්න.ඒ වගේම ප්‍රගතිශීලි වැඩවලට, පොඩි මිනිසාගේ වැඩවලට සහාය දුන් හිමි නමක්.

මෙවර ඡන්දයට උන්වහන්සේ ඉදිරිපත් වෙනව කිව්වම මට පුදුමත් හිතුණා.උන්වහන්සේගේ නම දුටු ගමන්ම නාමයෝජනා මණ්ඩලය එකඟ වුණා.

උන්වහන්සේට ජනාධිපති තුමාගේ ආශිර්වාදයත් හිමිවුණා.ගලගම ධම්මරංසි හිමියන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වීම අපගේ පක්ෂයට උන්වහන්සේ සිදුකරන ගෞරවයක්.යුද්ධය වෙලාවේ උන්වහන්සේ මේ රටට සිදුකළ සේවය අති විශාලයි.එවැනි වු සුවිශාල සේවාවක් මේ රටට සිදුකළ ධම්ම රංසි හිමියන්ට පළාත්සභා මන්ත්‍රි ධුරයක් ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟිම.උන්වහන්සේ වටා විශාල පිරිසක් ඒකරාශි වී සිටිනවා.පළාත් සභාව නියෝජනය නොකරන පක්ෂ උන්වහන්සේට සහාය දැක්වීමට එකඟතාව පළකර තිබෙනවා.ජාතීන්අතර ආගම් අතර සාමය හා සමඟිය ඇති කිරීමටත් අනෙකුත් ආගම්වල අයිතින් තුළින් උන්වහන්සේට බොහෝ මෙහෙවරක් සිදුකළ හැකියි.ඇතැම් පිරිස් තම රටට ද්‍රෝහි වෙමින් තම අයිතින් ආරක්ෂා කර ගැනිමට උත්සාහ කරනව.ආරක්ෂා කිරීම සඳහාත් තම මන්ත්‍රී ධුරය තුළින් උන්වහන්සේට බොහෝ මෙහෙවරක් සිදුකළ හැකියි.ඇතැම් පිරිස් තම රටට ද්‍රෝහි වෙමින් තම අයිතින් ආරක්ෂා කර ගැනිමට උත්සාහ කරනවා.

ඔවුන් මොහොතකට වත් හිතන්නෙ නැහැ ඔවුන් කරන දේ රටට මොන තරම් අහිතකරද කියල.ඒ වගේම ජාතින් වශයෙන් අපේ ජනතාව භේදකිරිමට උත්සාහ කරනවා.ලෝක මට්ටමින් පවා එවැනි අත්දැකීම් අපට තිබෙනවා.තම මන්ත්‍රි ධූරය තුළින් උන්වහන්සේට බොහෝ මෙහෙවරක් සිදුකළ හැකියි.

රටවල් ආක්‍රමණය කිරීමට රටවල් භේද කිරීමට ආගම යොදාගත් අවස්ථා ඉතිහාසය පුරාවට අපි දැක තිබෙනව.ජාතින් අතර ආගමික සහජිවනය ගොඩනැඟීමට වෙරදරන ඒ සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරන ගලගම ධම්මරංසි හිමියන් සුවිශේෂි හිමිනමක්.

ගලගම ධම්මරංසි හිමි:- මගේ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපතිතුමා මුල සිටම සහාය දැක්වුවා.මම කුඩාකළ පටන්ම රාජපක්ෂ පවුල හොදින් දන්නව.මම විශ්ව විද්‍යාලයට වැඩිය කාලේදී වත්මන් ජනාධිපතිතුමා මන්ත්‍රිවරයෙක්. එතුමට අද වගේම එදත් කෙණෙහිලිකම් තිබුණා.එදා පැවැති භීෂණකාරි රජය පළවාහැර පොදු පෙරමුණ රජයක් ඇතිකිරිම සඳහා මම විශ්ව විද්‍යාල සිසුන් සහ අනෙකුත් ජන පිරිස් සම්බන්ධ කරගනිමින් කොළඹ සිට කතරගමට පෙළපාලියක් ගියා.

එය අවසන් වනතෙක් කතරගමට ගිය එකම හිමිනම මමයි.අපි කුඩාකළ සිටම දැනගෙන හිටියා රට බේරාගන්නා රට එක්සේසත් කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවට.ජනාධිපති තුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කළේ බැසිල් රාජපක්ෂ මහතායි.සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් සියලු ජන කොටස්වල අයිතීන් සහ ආගමික සහජීවනය ඇති කිරීම මගේ අරමුණයි.

දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතා:- ගලගම හාමුදුරුවන්ට අපි කියන්නෙ කෝකටත් තෛලය කියල.පෙනඩෝල් බිව්වම ඇඟේ අමාරු,බඩේ අමාරු,හිතේ අමාරු මේ හැම එකක්ම හොදවෙනවා. සමහර තෙල් බෙහෙත් ගෑවමත් එහෙමයි.අපේ භාෂාවෙන් කියනව නම් ගලගම හාමුදුරුවො තරම් පරිප්පු කන වෙන කවුරුත් නැතිව ඇති.

හැමෝගෙම දේවල් තමන්ගෙ වගේ ඇඟට අරගෙනයි උන්වහන්සේ වැඩ කරන්නෙ.රාජපක්ෂ පවුල තරම් උන්වහන්සේ ගැන දන්න වෙන කවුරුත් නැතිව ඇති.අපේ ආගම, අන්‍යාගමිකයන් ,ඔවුන්ගේ අයිතින් ගැන කතා කිරීමට අපට කෙනෙක් අවශ්‍යයි.ඒ සඳහා හොදම තේරීම ලෙස මම දකින්නේ ගලගම හාමුදුරුවො. පළාතේ දේශපාලන නියෝජිතයන්, පළාත්සභාව නියෝජනය නොකරන සුළු පක්ෂ කිහිපයක නායකයන්, වෛද්‍ය වෘත්තිකයන්,

රත්මලාන,දෙහිවල,ගල්කිස්ස ප්‍රදේශවල සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු ජන පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා