ව්‍යාජ ලේඛන සකසා පානදුරේ මුල්‍ය ආයතනයකින් රුපියල් කෝටි තුනහමාරක් හොරෙන් ඇදලා

ව්‍යාජ ලේඛන සකසා පානදුරේ මුල්‍ය ආයතනයකින් රුපියල් කෝටි තුනහමාරක් හොරෙන් ඇදලා

පාණදුර අළුබෝම්මුල්ල මුල්‍ය ආයතනයකින් අවුරුදු පහකට ආසන්න කාලයක් තුළදි රුපියල් තුන්කෝටි අසුහත් ලක්ෂයක් සාපරාදි ලෙස කූට ලේඛන සකසා වංචා කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකාරවරිය සහ ගිණුම් ලිපිකාරිණිය පාණදුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මාර්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලදී.

සැකකාරියන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව විසින් අත්අඩංගුවට ගෙන 23-03-15 දින බන්ධනාගාරය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය විසින් විමසීමක් සිදුකරණ ලදී. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ මුදල් වංචාව ගැන පරීක්ෂණ ආරම්භ කළේ අධිකරණ නියෝගයක් මතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත්කරමින් සදහන් කළේ එමමුල්‍ය ආයතනයේ ගිණුම් හිමියන් 1668 දෙනකුගේ ගිණුම් සම්බන්ධයෙන් කූට ලෙස සකස් කර ව්‍යාජ අයුරින් දන්ත පරිගණකයට ඇතුලත් කර මේ සැකකාරියන් දෙදෙනා මුදල් වංචාකර ඇති බවය. සියලු කූට ලේඛන සහ පරිගණක දන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බවත් දෙවැනි සැකකාරිය එම මුදල්වලින් මෝටර් රියක් සහ ත්‍රීරෝද දෙකක්ද මිලදී ගෙන ඇති බවත් සනාථ වී ඇතැයිද මේ නිලධාරීයා සදහන් කළේය .මෙම මුදල් වංචාව ඉතා සංවිධානාත්මකව සිදුකර ඇති බව පෙනී යන නිසා තවදුරටත් පරීක්ෂණ පවත්වන නිසා සැකකාරියන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා