නාවික රණ ගී ගීත සරණිය එළිදකී

නාවික රණ ගී ගීත සරණිය එළිදකී

ත‍්‍රස්තවාදයට එරෙහිව ති‍්‍රවිධ හමුදා ගෙනගිය මානුෂීය මෙහෙයුමේදී ශී‍්‍ර ලංකා නාවික හමුදාව කරනු ලැබූ කැපකිරීම සහ විජයග‍්‍රහණයන් අනුස්මරණය කරනු පිණිස 2009 නිදහස් උළෙලට සමගාමීව ‘නාවික රණ ගී’ ගීත සරණිය එළිදැක්වීමට ශී‍්‍ර ලංකා නාවික හමුදා සුභසාධක අංශය කටයුතු යොදා ඇත.

මහ සයුරෙහි නාවික කි‍්‍රයාකාරකම් විදහා දක්වන රූප රචනා සහිත ඩී.වී.ඩී. තැටියක්, ගීත සංගත තැටියක් සහ කැසට් පටයක් වශයෙන් ‘නාවික රණ ගී’ ගීත සරණිය ප‍්‍රවීණ කලාකරුවන් රාශියකගේ දායකත්වයෙන් නිර්මාණය කොට ඇත.

2009 දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියෙහි ශී‍්‍ර ලංකා නාවික හමුදා ප‍්‍රදර්ශන අංශයෙන් මේ ගීත සරණිය විශේෂ සහන මිලකට මිලදී ගත හැකි අතර බෙදා හැරීම ‘සිංග්ලංකා’ ආයතනය මගින් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. ශී‍්‍ර ලංකා නාවික හමුදා සුභසාධක අධ්‍යක්ෂක වෙතින් (දුරකථන අංක 0114632511) මේ පිළිබඳ විමසීම් සිදුකළ හැක.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා