දෙමළ ජනතාව පලිහක් කරගෙන කොටි පණ බේරාගන්න හදනවා

දෙමළ ජනතාව පලිහක් කරගෙන කොටි පණ බේරාගන්න හදනවා

- නැෙඟනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන කොටි ත‍්‍රස්තවාදීන් හමුදා ප‍්‍රහාර හමුවේ දිවි බේරාගන්න දෙමළ ජනතාව පලිහක් ලෙස පාවිච්චි කිරීම කනගාටුවට කරුණක් බව නැඟෙනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවැසීය.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ති‍්‍රවිධ හමුදාව සාර්ථකව කොටි පරාජය කරමින් ඉදිරියට යන බවත් සිවිල් ජනතාව නොවන්නට මේ වන විටත් ත‍්‍රස්තවාදීන් පරාජයට පත්කර අවසන් බවත් කීය. මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කෙළේය.

මුලතිව් ප‍්‍රදේශයේ කොටි ග‍්‍රහණයට පත්ව සිටින සිවිල් ජනතාව අවස්ථාව ලද විට එම ප‍්‍රදේශයෙන් ඉවත් වී රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණෙන්්නේ නම් කොටි පරාජය කිරීමේ මෙහෙයුම් ඉක්මනින් අවසන් කළ හැකි බවද හෙතෙම අවධාරණය කෙළේය.

අහිංසක ජනතාව එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයේ පසුවෙද්දී ඔවුනට ආධාර කළ හැක්කේ රජයේ හමුදාවන්ට පමණක් බවත් ඔවුන් එම ප‍්‍රදේශයෙන් ඉවත් වී එන්නේ නම් ඒ සැම අයෙකුම පිළිගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා පියවර ගන්නා බවත් මහ ඇමැතිවරයා කීය.

අවංක නායකයකු වන ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වටා අද ජනතාව විශාල ලෙස එක්රොක් වෙමින් සිටින බවත් නැඟෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ජයගත් සේ මධ්‍යම පළාත් සභාවද ස්ථිර ලෙසම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගන්නා බවත් ඒ මහතා කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා