රාජ්‍ය නිලධාරීන්ට තට්ටු නිවාස

රාජ්‍ය නිලධාරීන්ට තට්ටු නිවාස 25000ක් ඉදිකිරීමට සැලැසුම් දුන්නා

- ඇමැති ආචාර්ය සරත් අමුණුගම

රටේ සියලු පළාත් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවා නිලධාරීන් ස¼ඳහා, නිවාස 25000 කින් සමන්විත තට්ටු නිවාස ඉදිකිරීමට රජයට තමා සැළැසුම් දී ඇතැයිද එමගින් සිය ජීවිතයේ වැඩිකලක් රජයේ සේවය වෙනුවෙන් සිය ශ‍්‍රමය වැය කරන රජයේ සේවකයන්ට විශ‍්‍රාම ගැනීමේදී තමන්ටම කියා නිවසක් හිමිකර ගැනීමේ අවස්ථාව හිමි වන බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය.

පසුගියදා මහනුවර නුගවෙල අමුණුගම දේශන ශාලාවේදී පැවැති රජයේ සේවක හමුවක් අමතමින් ඇමැති අමුණුගම එසේ පැවැසීය.

එහිදී ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ ද පැවැසීය. මේ නිවාස සංකීර්ණ මහනුවර කුණ්ඩසාලේ - ගාල්ල, මාතර - හම්බන්තොට, කුරුණෑගල ආදි විවිධ ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිකරන බවද සියලු පහසුකම් වලින් යුතුව අංග සම්පූර්ණ නිවාස ඉදිකරන බවද කිව යුතුයි.

මෙම නිවාස ලබා ගැනීමේදී රජයේ සේවකයින් මුලින් යම් මුදලක් ගෙවිය යුතු අතර ඉතිරි මුදල සිය වැටුපෙන් වාරික වශයෙන් ගෙවිය හැකියි.

එම සේවකයන් විශ‍්‍රාම ලබන විට නිවසේ සම්පූර්ණ අයිතිය පැවැරේ.

රජයේ සේවකයා විශ‍්‍රාම යන විට මහ මගට වැටෙන තත්ත්වය මෙමගින් අවසන් කිරීමට හැකිවෙන බවද කීය.

මධ්‍යම පළාත් සභා අපේක්ෂක දිළුම් අමුණුගම මහතාද මෙහිදී කතා කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා